ඇසේ සෞඛ්‍ය

ළදරුවන්

ඇම්බ්ලියෝෆියා

මෙය, වසර දෙක හමාරක් වයසැති සිය සිඟිත්තාව සමීපව නිරීක‍ෂණය කළ මවක පිළිබඳ කතාවකි. එහිදී අපගේ නිරීක‍ෂණයට හසු වූ කරුණක් වූයේ අදාළ දරුවාගේ චර්යාවන් එම වයසේම අනෙක් දරුවන්ගේ හැසිරීම හා බැලු කල සාමාන්‍ය මට්ටමේ නොපැවති බවයි. සෙල්ලම් කරන විට සිය සෙල්ලම් බඩු, පින්තූර හා අනෙකුත් දෑ සිය මුහුණට ඉතා සමීප කර ගැනීමට ඔහු හුරුව සිටියේය. ඡායාරූප නරඹන විට ජංගම දුරකතන තිරයද සිය මුහුණට ඉතාම සමීප කර ගැනීමද ඔහුගේ පුරුද්දක් විය. සිය දරුවා ඉතාම නිහඩ අයෙකු බවද ඇය කියයි. මේ සම්බන්ධයෙන් විමසීමට ඇය සිය පවුලේ වෛද්‍යවරයා මුණ ගැසිණ. අනතුරුව,වැඩිදුර පරීක‍ෂාවන් සඳහා ඔවුහු විෂන් කෙයා ආයතනය වෙත පැමිණියහ. ඒ අනුව සිදු කරන ලද පරීක‍ෂාවන්ගෙන් හෙළි වූයේ දරුවා අවිදුර දෘෂ්ටිකත්වය නමැති තත්ත්වයෙන් පීඩා විදි බවත්, එම හේතුව
නිසා ඔහුගේ ඇස් පෙනීම ඉතා දුර්වල මට්ටමක පැවැති බවත් යැයි ඇය කියයි. විෂන් කෙයා වෙතින් ලද උපදෙස් පරිදි දැන් දරුවා ඇස් කණ්ණාඩි පළදින අතර දැන් ඔහු සෙල්ලම් කිරීම හා තම සෑම චර්යාවක්ම සතුටින් විදින බව පෙනී යයි. එසේම දැන් ඔහු ඉහත කී භාණ්ඩ ආදිය සිය මුහුණට දැඩි ලෙස සමීප කර නොගන්නා බවද ඇය සඳහන් කරයි. ඇස් පෙනීම ආශ්‍රිත දෝෂ මුල් අවධියේදීම නිවැරදි කර නොගතහොත්
දරුවා වයසින් වැඩෙත්ම ඔහුගේ ඇස් පෙනීම වර්ධනය කර ගැනීම දුෂ්කර වනු ඇතැයි උපදෙස් ලැබුණු බව ද ඇය කියා සිටියි. එම තත්ත්වය දිගටම පැවතුන් ඇම්බ්ලියෝෆියා නම් තත්ත්වය දක්වා ඔඩු දිවිය හැකි බව ඔවුන් කිවුවා. මේ සම්බන්ධයෙන් ඇය මෙසේද කියයි: මේ තරම් පොඩි වයසකදීම ඇස් කණ්ණාඩි පැළඳීමට මගේ දරුවාට සිදු වුණත් එයින් ඔහුගේ ඇස් පෙනීම ආරක‍ෂා වීම ගැන මා සතුටු වෙනවා. මෙම තත්ත්වයේ න්‍යායික පැතිකඩ ඇම්බ්ලියෝෆියා යනුවෙන් හැදින්වෙන්නේ කළ හැකි හොඳම ප්‍රතිකර්ම කර ඇති විට පවා එක් ඇසක පෙනීම අනිත් ඇසේ පෙනීමට වඩා අඩු වීමේ තත්ත්වයකි. දෘෂ්ටි විතානය මත නිවැරදි ලෙස ආලෝකය පතිත නොවීම වැනි හේතු කිහිපයක්ම නිසා මෙම තත්ත්වය ඇති විය හැකියි. දුර දෘෂ්ටිකත්වය, අවිදුර දෘෂ්ටිකත්වය, මෙකී දෝෂ දෙකම හෝ විෂම දෘෂ්ටිකතාව වැනි අක‍ෂි දෝෂ ඇති පුද්ගලයන් මෙම තත්ත්වයට පත් වීමට ඉඩ ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් ඇසක හෝ ඇස් දෙකම මත පතිත වන රූප බොඳ වී පෙනීම සිදු වේ. නිසි පරිදි ඇස් කණ්ණාඩි හෝ කාච පැළඳීමෙන් ඇම්බ්ලියෝෆියා නිසා ඇති වන දෘෂ්ටි දෝෂය නිවැරදි කරගත හැකි වේ. කෙසේ වෙතත්, නිසි පියවර ගැනීම ප්‍රමාද කළහොත් කාලය ගත වීමත් සමග ඇම්බ්ලියෝෆියාව වර්ධනය වීමටද ඉඩ ඇත. වසර ගණනාවක් තිස්සේ මෙම තත්ත්වය වර්ධනය වීම සිදු වුවහොත් දෘෂ්ටි චිකිත්සා ප්‍රතිකර්ම සිදු කළ යුතු වේ.

කුඩා දරුවන්

පන්ති කාමරය තුළදී කළු ලෑල්ලේ පෙනෙන්නට ඇති විෂය කරුණු සටහන් පොතේ සටහන් කර ගැනීමේදී අපහසුතාවන්ට මුහුණ දෙන්නට මට සිදු වුණා. එවැනි වේලාවල මා කළේ ළඟ සිටින මිතුරාගේ පොතෙන් සටහන් පිටපත් කර ගැනීමයි. හැම කෙනෙකුටම ඒ ආකාරයෙන් කළු ලෑල්ල පෙනීම සාමාන්‍ය තත්ත්වයක් කියායි මා සිතුවේ. එහෙත්, කළු ලෑල්ල දෙස බලාගෙන සටහන් ගනු වෙනුවට මිතුරාගේ පොත බලාගෙන සටහන් ගන්නා අයුරු මගේ ගුරුවරිය දැක තිබුණා. එක දිනක්ම ගේ ගුරුවරිය මට උපදෙස් දුන්නේ මේ ගැන වහාම අම්මාට දැනුම් දී හොඳ තැනකින් ඇස් පරීක‍ෂා කර ගන්නා ලෙසයි. මගේ අම්මාත් තමන්ගේ ඇස් පරීක‍ෂා කරවා ගැනීමට විෂන් කෙයා වෙත යන්නට පුරුදුව සිටි කෙනෙක් නිසා මගේ ඇස් පරීක‍ෂා කරගන්නත් එතැනට මා ගෙන ගියා.මගේ වම් ඇසට වටා දකුණුඇසේ පෙනීම බොඳ වෙලා ඇති බව වැටහුණේ ඉන් පසුවයි. මේ තත්ත්වයට හේතුව අවිදුර දෘෂ්ටිකත්වය බව දැනගන්නට ලැබුණු අතර පරීක‍ෂාවේ ප්‍රතිපල අනුව මට විෂන් කෙයා වෙතින් ඇස් කණ්ණාඩි යුවළක් මිලදී ගෙන දුන්නා. මගේ ඇස් පෙනීම තවදුරටත් වර්ධනය කරන්නට ඒ අය මට දෘෂ්ටි චිකිත්සාව ලබා දුන්නා. දැන් මගේ ඇස් දෙකේම පෙනුම හොඳ මට්ටමක පවතිනවා.අවිදුර දෘෂ්ටිකත්වය යනු අනන්තයේ සිට පතිත වන සමාන්තර ආලෝක කිරණ ඇසේ කාචය ලිහිල්වී ඇති විට දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම නිසා ඇති වන වර්තන දෝෂයකි.

මේ සඳහා බලපාන ප්‍රදාන හේතුව වන්නේ අක‍ෂි ගෝලයේ අක‍ෂි දිග අසාමාන්‍ය ලෙස වර්ධනය වීම සහ දෘෂ්ටි විතානය මත පතිත වන ආලෝකය එක ලක‍ෂයකට නාබිගත නොවීමයි. මෙම හේතුව නිසා සමීප වස්තූන් පැහැදිිලිව පෙනෙන නමුදු ඈතින් ඇති වස්තූන් බොඳ වී පෙනෙයි. ඇස් කණ්ණාඩි හෝ කාච පැළඳීමෙන් අවිදුර දෘෂ්ටිකත්වය පහසුවෙන් නිවැරදි කරගත හැකි අතර එයට නිසි පිළියම් යෙදීම ප්‍රමාද කිරීම නිසා ඇම්බ්ලියෝෆියා තත්ත්වය දක්වා වර්ධනය වීමට ඉඩ තිබේ. අවිදුර දෘෂ්ටිකත්වය හේතුවෙන් ඇම්බ්ලියෝෆියා වර්ධනය වීම සිදු වුවහොත් දෘෂ්ටි චිකිත්සා ප්‍රතිකර්ම සිදු කළ යුතු වේ.

තරුණයන්

විශ්ව විද්‍යාල සිසුවෙකුව සිටියදී මට බොහෝ දේ අධ්‍යයනය කරන්නත් පාඩම් කරන්නත් සිදු වුණා.දැනට වසර 5-6 ක් තිස්සේ මා ඇස් කණ්ණාඩි පළඳිනවා. ඇස් කණ්ණාඩි ගැනීම සඳහා කුඩා අක‍ෂි විශේෂඥ සාප්පුවක් වෙත ගමන් කළත් ඔවුන් මට පැමිණෙන්නැයි දැන්ව වූ වේලාවන් දිගින් දිගටම වෙනස් කරමින් සිටියා. එහි සිටි අක‍ෂි පරීක‍ෂකයන් ඊට නිසි හේතුවක් කියා සිටියේද නැහැ. මා පීඩා විදිමින් සිටියේ විෂම දෘෂ්ටිකතාව නමැති දෝෂයකින් බව ඔවුන් කියා සිටියත් ඇස් කණ්ණාඩි පැළඳීමෙන් පසුව ලැබුණු පෙනීම ගැන සෑහීමක් මට දැනුණේ නැහැ. මේ නිසා නව ඇස් කණ්ණාඩි යුවළක් ලබා ගැනීමටත්, මගේ ඇස්වල ගැටළුව ගැන නිවැරදි කරුණු දැනගැනීමටත් මා විෂන් කෙයා වෙත ගියා. මගේ ඇස් පරීක‍ෂා කළ ඔවුන් මගේ ඇස් පෙනීම ආශ්‍රිත ඇතැම් වෙනස්වීම් වටහා ගෙන ඊට අමතරව ස්වච්ඡමණ්ඩල පරීක‍ෂාවක්ද සිදු කළා. මෙම සමස්ථ කාර්යයට ගත වුණේ පැය භාගයක් වැනි සුළු කාලයක් පමණයි. ඒ අනුව ඔවුන් නිගමනය කළේ මගේ ඇස් දෙකම Keratoconus නම් තත්ත්වයට මුහුණ පා ඇති බවයි. එය වර්ධනය වුවහොත් මගේ ඇස් පෙනීම සදහටම අහිමි වීමට ඇති බව එයින් පෙනී ගියා. එම තත්ත්යට පිළියම් සෙවීම සඳහා ඔවුන් මා අක‍ෂි සැත්කම් පරීක‍ෂාවක් (ophthalmological examination)- සඳහා යොමු කළ අතර මගේ ඇස්පෙ නීම රැක දීම ගැන විෂන් කෙයා ආයතනයට මා මහත් සේ ස්තුතිවන්ත වෙනවා. අවිදුර දෘෂ්ටිකත්වය යනු අනන්තයේ සිට පතිත වන සමාන්තර ආලෝක කිරණ ඇසේ කාචය ලිහිල්වී ඇති විට දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම නිසා ඇති වන වර්තන දෝෂයකි. විෂම දෘෂ්ටිකත්වය සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ ඇසෙහි ස්වච්ඡ මතුපිටෙහි අක්‍රමවත් හැඩගැසීමයි. මෙම හැඩය හේතුවෙන් ස්වච්ඡය මතට වැටෙන ආලෝක කිරණ ලක‍ෂ්‍යයක් ලෙස නාබිගත වන්නේ නැත. මෙහි ප්‍රතිපලය වන්නේ රූපය තිරස් හෝ සිරස්ව ඇද වූ හෝ ඇල වීමට ලක් වූ හෝ එකක් ලෙස දිස් වීමයි.ඇස් කණ්ණාඩි හෝ කාච පැළඳීමෙන් විෂම දෘෂ්ටිකත්වය පහසුවෙන් නිවැරදි කරගත හැකි අතර එයට නිසි පිළියම් යෙදීම ප්‍රමාද කිරීම නිසා ඇම්බ්ලියෝෆියා තත්ත්වය දක්වා වර්ධනය වීමට ඉඩ තිබේ. අවිදුර දෘෂ්ටිකත්වය හේතුවෙන් ඇම්බ්ලියෝෆියා වර්ධනය වීම සිදු වුවහොත් දෘෂ්ටි චිකිත්සා ප්‍රතිකර්ම සිදු කළ යුතු වේ.

වැඩිහිටියන්

ගොවියෙකු වන මා ගමේ විවිධ එළවළු වගාකිරීමේ නිරතව සිටිනවා. දිගු කාලයක් ගතවන තුරුත් මගේ වම් ඇසෙහි පෙනීමේ ගැටළුවක් ඇති බව මා දැන සිටියේ නෑ. කැසීම හේතුවෙන් එක් ඇසක් වැසූ අවස්ථාවේදී මේ බව මට තේරුම් ගියා. මා සිතුවේ ඇසට කිසියම් රොඩ්ඩක් වැනි දෙයක් ඇතුළු වී ඇති බවයි. ඉක්මනින්ම මගේ ඇස සෝදා එය ඉවත් කිරීමට මා උත්සාහ කළා. එහෙත්, එසේ කිරීමෙන් පසුවත් එම තත්ත්වයම පැවැති නිසා මා අසල්වැසියෙකු සමග මේ ගැන කිවුවා. වහාම විෂන් කෙයා දෘෂ්ටි විශේඥයන් හමු වී ඇස් පරීක‍ෂා කරගන්නා ලෙස ඔවුන් මට කීවා. ඔවුන්ද විෂන් කෙයා වෙතින් ඇස් පරීක‍ෂා කරවාගෙන දැන් ඇස් කණ්ණාඩි පළදිනවා. ඒ අනුව විෂන් කෙයා ශාඛාවක් වෙත ගොස් ඇස් පරීක‍ෂා කර ගැනීමට මා කටයුතු කළ අතර මගේ ඇස් දෙකෙහිම අසමාන පෙනීමේ ගැටළුවක් ඇති බව දැනගන්නට ලැබුණා. පරීක‍ෂාවෙන් අනතුරුව ඔවුන් නිර්දේශ කළ ඇස් කණ්ණාඩි පැළඳීම නිසා දැන් මගේ පෙනුම හොඳ තත්ත්වයකට පත්ව තිඛෙනවා ,විෂමවර්තන දෘෂ්ටිතාව ලෙස හැදින්වෙන මෙම තත්ත්වය තුල ඇස් දෙකම ආශිතව දැකිය හැකි වර්තන දෝෂය එකිනෙකට සමාන නොවන අතර මෙය ඩයප්ටර් ඒකක දෙකකට වැඩි වෙනසකි. අවිදුර දෘෂ්ටිකතාව, දුර දෘෂ්ටිකතාව හෝ ඒ දෙකම එකතු වීමෙන් හෝ විෂම දෘෂ්ටිකතාව ඔඩු දිවීමෙන් මෙම තත්ත්වය ඇති විය හැකියි. මෙහි ප්‍රතිපලයක් වශයෙන්, ඇස මත පතිත වන රූපය බොඳ වීම, තිරස් හෝ සිරස්ව ඇද වූ හෝ ඇල වීමට ලක් වූ හෝ එකක් ලෙස දිස් වීම සිදු වෙයි. ඇස් කණ්ණාඩි හෝ කාච පැළඳීමෙන් මෙම තත්ත්වය මගහරවාගත හැකි වේ. ඇස් දෙකෙහිම ඇති වර්තන දෝෂය හේතුවෙන් ඇස් කණ්ණාඩිවල කාච එක සමාන විය යුතුය. නිසි පියවර ගැනීම ප්‍රමාද කළහොත් කාලය ගත වීමත් සමග ඇම්බ්ලියෝෆියා වර්ධනය වීමටද ඉඩ ඇත. ඇම්බ්ලියෝෆියා තත්ත්වයක් දක්වා මෙය වර්ධනය වීම සිදු වුවහොත් දෘෂ්ටි චිකිත්සා ප්‍රතිකර්ම සිදු කළ යුතු වේ.

මැදිවියේ පුද්ගලයන්

ආරම්භයේ සිටම කිසිදු ගැටළුවකින් තොරව මගේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට මා පුරුදුව සිටියා. එහෙත් දැනටම මාස 3-4 ක කාලයක් තිස්සේ සාමාන්‍යයෙන් මා වැඩකරන දුර පරාසය තුළ ආසන්නයේ ඇති දේ දකිමින් වැඩ කිරීම අපහසු වීම පටන් ගැනුණා. මේ නිසා, මගේ කැල්කියුලේටර, ජංගම දුරකතනය, පුවත්පත් හෝ ගිණුම් පොත් ආදිය සාමාන්‍යයෙන් මා වැඩ කරන ස්ථානයෙන් මඳක් ඈතින් තබා වැඩ කරන්නට මට සිදු වුණා. මෙය ඇත්තෙන්ම මගේ දෛනික ව්‍යාපාරික කටයුතුවලට දැඩි බාධාවක් බවටද පත් වුණා. මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා හොඳම අක‍ෂි පරීක‍ෂාවක් සිදු කරගෙන තත්ත්වයෙන් ඉහළ ඇස් කණ්ණාඩි යුවළක් ලබා ගැනීමට හැක්කේ කොතැනින්දැයි මා මිතුරෙකුගෙන් විමසුවා. ඔහු ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් මා අවසානයේදී විෂන් කෙයා වෙත පැමිණියා. එහිදී සිදු කරන ලද අක‍ෂි පරීක‍ෂාවෙන් අනතුරුව මට දැනගන්නට ලැබුණා වයස ගත වීමත් සමග ඇති වන හතළිස් ඇදිරිය නම් දෘෂ්ටි දෝෂය මට වැළදී ඇති බව. විෂන් කෙයා දෘෂ්ටි විශේෂඥයන්ගේ උපදෙස් අනුගමනය කරමින් මා බහුනාබිගත ඇස් කණ්ණාඩියක් මිලදී ගත් අතර දැන් මට ස්වභාවික පෙනුම ලැබී තිඛෙනවා. හතළිස් ඇදිරිය යනුවෙන් අදහස් වන්නේ පුද්ගලයන් වයස්ගත වීමත් සමගම ඇස්කාචවල ස්වාභාවික හැඩගැසීමේ හැකියාව අඩු වීම නිසා ඇති වන දෘෂ්ටි දෝෂයකි.
මීට බලපාන ප්‍රදානතම හේතුව වන්නේ වයස්ගත වීමයි. මේ නිසා දුරින් ඇති දේවල් පැහැදිිලිව පෙනෙන නමුදු ළඟ ඇති දේ ඇස මත පැහැදිලිව දිස් නොවීම සිදු වේ. මෙම තත්ත්වයට පිළියම් යොදා නොමැති පුද්ගලයන් යමක් කියවන විට එය තරමක ඈතින් තබාගෙන කියවීම සාමාන්‍ය ලක‍ෂණයක්. ඇතැම් පුද්ගලයන් ඇස් පෙනුම පැහැදිලි කර ගැනීම සඳහා විටින් විට ඇස තදින් පිරිමැදීම සිදු කරනුද දැකිය හැකි වේ. ඇස් කණ්ණාඩි හෝ කාච පැළඳීමෙන් හතළිස් ඇදිරියට පහසුවෙන් පිළියම් කළ හැක. කියවීම පිණිස භාවිත කරන ඇස් කණ්ණාඩි reading glass), ද්විනාබි ඇස් කණ්ණාඩි (bifocal spectacles) හෝ අමතර කාච පැළඳීමෙන් මෙම දෝෂය මගහරවාගත හැකි වේ. මීට අමතරව, බහුනාබි කාචද මීට පිළියම් ලෙස පැළදිය හැකිය. මෙම තත්ත්වයට විසදුම් යෙදීම පමා කළහොත් අමතර කාච පැළඳීම වැඩි කරන්නට සිදු වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

සිවිල් ඉංජිනේරුවෙකු ලෙස ගත කළ මගේ වෘත්තීය ජීවිතය තුල විවිධ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු තැන්වල ක්‍ෂේත්‍ර රාජකාරීන්හි නියැළෙන්නට මට සිදු වුණා. කියවීමේ කණ්ණාඩි පැළඳගෙන බිල්පත් හා අනෙකුත් ලේඛන කියවීමේදී කිසිදු අපහසුවක් මට ඇති වුණේ නෑ. එහෙත් වසරකට ඉහතදී කාමරය තුළ මඳ ආලෝකයක් පවතින විට හෝ සන්ධ්‍යා කාලයේදී සමීප ලේඛන කියවීමේදී මට කිසියම් අපහසුතාවක් දැනුණා. මා මුලදී සිතුවේ මෙය ආලෝකය අඩු තත්ත්වයක් නිසා සිදු වන දෙයක් බවයි. එහෙත් මෙම අපහසුතාව දවසින් දවස ඉහළ ගියා. මේ අතරම මගේ එක් මිතුරෙකු විෂන් කෙයා වෙතින් මිලදී ගෙන තිබුණු ඇස් කණ්ණාඩි යුවළක් පළදින බව දැනගන්නා ලැබුණා.
මගේ ගැටළුව ගැන ඔහුට කී පසු ඔහු මට උපදෙස් දුන්නේද විෂන් කෙයා වෙත ගොස් ඇස් පරීක‍ෂාවක් සිදුකරවා ගන්නා ලෙසයි. එම පරීක‍ෂණය අවසානයේදී මට දැනගන්නට ලැබුණා මගේ ඇස් දෙකෙහිම සුද මතුවී ඒමේ අවදානමක් පැවැති බව. අක‍ෂි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී වැඩිදුර පියවර අනුගමනය කරගත යුතු ආකාරය ගැන මනා මගපෙන්වීමක් මට එහිදී ලැබුණා.(Biometry test, eye drops, Intra Ocular Lens (IOL) යන පරීක‍ෂාවන් සියල්ලම විෂන් කෙයා විසින් සිදු කරනු ලබන අතර මගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා අවශ්‍ය සියල්ලම මා ලබා ගත්තේ ඔවුන් වෙතින්. එම සැත්කමෙන් අනතුරුව ඔවුන්ගෙන ඇස් කණ්ණාඩි ලබා ගැනීමටද මා කටයුතු කළා. ඔවුන් මට බහුනාභි ඇස් කණ්ණාඩි යුවළක් ලබා දුන් අතර දැන් මගේ පෙනීම ඉතාම පහසු වී තිඛෙනවා. දැන් මට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්.
ඇසේ සුද මතුවීම යනුවෙන් අදහස් වන්නේ මිනිස් ඇසේ ස්වභාවික විනිවිද පෙනෙන කාච ආශ්‍රිත තත්ත්වයක්. මෙහිදී එම විනිවිද පෙනීම කෙමෙන් කෙමෙන් අඩු වන අතර එහි ප්‍රතිඵලය වන්නේ දුරින් ඇති හා සමීපයේ ඇත් වස්තූන් බොඳ වී පෙනීමයි. වයසට යාමත් සමග ඇසේ සුද මතුවීමට බලපාන හේතු කිහිපයක්ම ඇත. පාරජම්බුල කිරණට නිරාවරණය වීම, දුම් පානය, ඇතැම් ඛෙහෙත් වර්ග දීර්ඝ කාලීනව ගැනීම සහ අනතුරුවලට ලක් වීම ආදී හේතු ඒ අතර වෙයි. මෙම තත්ත්වය ඇති විය ඇස් කාච හරහා ආලෝක කිරණ නිසි ලෙස ගමන් නොකරන අතර මේ නිසා පෙනීම බොඳ වීම දිගටම පවතී. සැත්කමක් මගින් ඇසේ සුද ඉවත් කිරීමෙන් මම තත්ත්වය සමනය කරගත හැකි වේ. මෙහිදී සිදු
කරනු ලබන්නේ පෙනීම බාධා වූ ස්වභාවික ඇස් කාච වෙනුවට කෘතිම කාච (Intra Ocular Lens) ස්ථාපනය කිරීමයි. අනවශ්‍ය තරම් මෙම සැත්කම පමා වුවහොත් ඇම්බ්ලියෝෆියා තත්ත්වයක් දක්ව පෙනීමේ දෝෂය ඉක්මවා යා හැක. ඇම්බ්ලියෝෆියා තත්ත්වයක් දක්වා මෙය වර්ධනය වීම සිදු වුවහොත් දෘෂ්ටි චිකිත්සා ප්‍රතිකර්ම සිදු කළ යුතු වේ.