Hearing Aid

ශ්‍රවණ විද්‍යා අංශය

පුද්ගල-බද්ධ ශ්‍රවණ විසඳුම් සැපයීම මඟින් ශ්‍රී ලාංකිකයන් සවිබලගැන්වීම තම දැක්ම දල සේවාදායකයින්ගේ තෘප්තිය සහතික කිරීම අරමුණු කරගත් නව්‍යකරනයන්ගෙන් යුත් තාක්‍ෂණය සපිරි ශාඛා ජාලයක් තුලින් දිවයිනේ උසස්තම ශ්‍රවණ සත්කාර සපයන්නා වීම තම මෙහෙවර ද බවට පත් කරගත් විෂන් කෙයා ශ්‍රවණ විද්‍යා අංශය වන අපි දිවයිනේ ඉහළම තලයේ ශ්‍රවණ සත්කාරක සේවා බිළිඳු වයසේ සිට මහලු වයස දක්වා සියල්ලන්ටම සපයන්නෙමු.

දෙදහස් නවය වසරේ ආරම්භ කරන ලදුව දෙදහස් දහතුන වසර වන විට අංග සම්පූර්ණ රෝග-නීර්ණ ශ්‍රවණ සේවා සපයන්නෙකු බවට විකාශනය වෙමින් විෂන් කෙයා ශ්‍රවණ විද්‍යා අංශය ඉදිරියට පැමිණියේයග දිවයින පුරා ශාඛා පහළොවක ශ්‍රවණ විද්‍යාගාර ස්ථාපනය කරමින් සහ ශ්‍රවනාධාර අච්චු සැකසීමේ ඒකකයක් ආරම්භ කරමින් අද වන විට මෙරට ශ්‍රවණ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීමට අපට හැකිව ඇත.

සුදුසුකම් ලත් උපාධිධාරී සායනික ශ්‍රවනවේදීන් ලඅත්දැකීම් බහුල ශ්‍රවණ තාක්ෂණ ශිල්පීන් සහ ශ්‍රවනාධාර විශේෂඥයින් ගෙන් අප ශ්‍රවණ විද්‍යා අංශය සැදුම්ලත් වෙයි.

අප විසින් සපයන සේවාල

  • ශ්‍රවණ තිර පරීක්ෂණ
  • සියලුම වැඩිහිටි රෝග-නීර්ණ ශ්‍රවණ පරීක්ෂණ
  • සියලුම ළමා ශ්‍රවණ පරීක්ෂණ සහ විද්‍යුත්-කායික ශ්‍රවණ පරීක්ෂණ
  • ශ්‍රවනාධාර තෝරා ගැනීමේ සහ අත් හදා බැලීමේ සැසි
  • ශ්‍රවනාධාර සවිකිරීම
  • ශ්‍රවනාධාර සේවා කිරීම සහ අලුත්වැඩියාව
  • සහායක ශ්‍රවණ උපකරණ සැපයීම
  • ශ්‍රවනාධාර අච්චු සහ ශ්‍රවනාරක්ෂක පේනු නිෂ්පාදනයග